ගෙදරින්ම රුසපුව රැකගන්න කරන්න පුළුවන් රුපලාවන්‍ය ක්‍රම 15ක්
15 තෙල් සහිත හිස පිසීම සඳහා කෑමට ගන්න ලුණු හෝ මුදු ජලය මේස හැඳි දෙකක් පමණ ඔබ දැනට භාවිතා කරන ෂැම්පු බෝතලයට එකතු කර හිසකෙස් සේදීම සඳහා භාවිතා කරන්න.
14 ඝන ඇහිබැමි සහ ඇහි පිහාටු ලබාගන්න ඔබට අවශ්‍ය නම් අපේ පැරණි මැස්කාර බෝතල ඉවත දමන්නේ නැතුව එය හොඳින් සෝදා එයට එඬරු තෙල් විටමින් ඊ සහ කෝමාරිකා වල යුෂ එකතු කරලා මිශ්‍රණයක් හදලා දාගන්න. ඊට පස්සේ එහි බුරුසුව භාවිතා කරල මේ මිශ්‍රණය ඇහිබැමි සහ ඇහි පිහාටු වල අලේප කරන්න. දිනපතා මාසයක් පුරාවට මෙය සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
13 ඔබේ ඇස් වල යට කළු වෙලාද? එහෙනම් මේ ඇස් යට කළු වීම වළක්වාගන්න මේ ක්‍රමය ගෙදරදීම උත්සහ කරලා බලන්න/ කොපි මණ්ඩි සහ පොල්තෙල් එකට එකක් අනුපාතයෙන් මිශ්‍ර කරලා කළු උන ඇස යට ආලේප කරල විනාඩි 15ක් වගේ තියෙන්න හරින්න. ඊට පස්සේ සෝදාහරින්න. සතියකට තුන් හතර වතාවක් කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
12 සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සඳහා ඉඟුරු මේස හැඳි දෙකක්, රුපලවන්ය සඳහා භාවිතා කරන ඝන ආලේපනය මේස 5ක් උණු වතුර මේස හැඳි 10 කට එකතු කරල ආලෙපනයක් සකසා ගන්න. ඊට පස්සේ මේ ආලේපනය ශරීරයේ ආලේප කරගෙන පොලිතින් වගේ ප්ලාස්ටික් ආවරණයකින් වහලා පැයක් පමණ තියෙන්න හරින්න. ඊට පස්සේ උණුවතුරෙන් ස්නානය කරන්න. මේ ක්‍රමය සතියක වරක් පමණ සිදු කිරීම සුදුසු වෙනවා.
11 කාන්තාවන් ගොඩක් සිදු කරන දෙයක් තමයි කකුල් වල රෝම ඉවත් කිරීම කියන්නේ. එත් ඔබ දැනගෙන හිටිය සිනි භාවිතා කරල වේදනාවකින් තොර කකුල් වල රෝම ඉවත් කරන්න පුළුවන් කියලා. මේ සඳහා ඔබ දෙහි යුෂ් වීදුරු කාලක් , සිනි විදුරු දෙකක් පමණ සහ වතුර එකතු කරල කලවම් කරගන්න. ඉට පස්සේ මේ මිශ්‍රණය රන් පාට වෙලා ඝන තත්වයට එනකල් මේ මිශ්‍රනය රත් කරන්න. ඊට පස්සේ එය හොඳින් සිසිල් වෙන්න හැරලා පාද වල රෝම වැවෙන පැත්තට විරුද්ධ දිශාවට ආලේප කරලා ඉවත් කරන්න.
10 පොල්තෙල් සහ මීපැණි භාවිත කරල ලස්සන ශක්තිමත් නියපොතු ලබාගන්න ඔබට පුළුවන්. ඒ සඳහා පොල්තෙල් සහ මීපැණි එකට එක අනුපාතයෙන් මිශ්‍ර කරලා එයට ලවෙන්ඩර් තෙල් බින්දු කිහිපයක් එකතු කරලා නියපොතු වල ආලේප කරන්නයි තියෙන්නේ.
9 උණුවතුර මේස හැන්දකට, තිරිඟු පිටි මේස හැන්දක් සහ මි පැණි මේස හඬක් එකතු කරලා හදාගන්න මිශ්‍රණය පුළුන් හෝ රෙදි කැබැල්ලක් මේ මිශ්‍රණයේ පොඟවලා මුහුණේ කළු තිත් ඇති තැන් වල ආලේප කර විඅනදී 15ක් හෝ 20කත පස්සේ සෝදාහරින්න. මේ විදිහට ඔබට මුහුණ තිබේ කළු තිත් ඉවත් කරගන්න පුළුවන්.
8 අත්යට කළු වීම කියන්නේ අපි බොහෝ දෙනෙක් පිඩාවට පත් කරන දෙයක්. හැබැයි අපි කෑමට ගන්න අර්තාපල් වලින් මේ අතයට කළු වීම වලක්වා ගන්න පුළුවන්. මේ සඳහා අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කරල හෝ හීනියට ලියාගෙන පොඩි කරලා අතයට ආලේප කරලා පැය බාගයක් පමණ තියන්න.
7 බේකින් සෝඩා භාවිතා කරල හිරු එලියට පිළිස්සුනු සම සුවපත් කරන්න සමේ පිළිස්සුනු තැන් වල බේකින් සෝඩා අලේප කරල විනාඩි 10ක් හෝ 15 පමණ තිබෙන්න හරින්න.
6 උණුවතුර කෝප්ප දෙකකට බේකින් සෝඩා කෝප්ප බාගයක් සහ විනාකිරි කෝප්ප එකක් එකතු කරල යටිපතුල් වල ආලේප කිර විනාඩි 15ක් පමණ තියෙන්න හරින්න. ඊට පස්සේ යටිපතුල් වියලි තුවායකින් පිහලා පෝෂ්‍යදායි ක්‍රීම් වර්ගයක් අලේප කරන්න. මේ මගින් ඔබට සුසිනිදු යටිපතුල් දෙකක් ලබාගන්න පුළුවන්.
5 අඟුරු වලින් මුහුණ පැහැපත් කරමුද. මේ සඳහා අඟුරු මේස හැඳි දෙකක් උනුවතුරේ දිය කරපු ජෙලටින් මේස හැඳි එක හමාරකට එකතු කරන්න. ඊට පස්සේ මෙය ජෙලි බවට පත්වන තෙක් රත් කරලා එය නිවුණු පසේ මුහුණේ ගලවා විනාඩි 30ක් පමණ තියලා සෝදා හරින්න.
4 සුදුපැහ දත් දේපලක් ලබාගනිම සඳහා බේකින් සෝඩා එක්ක ලියාගත්ත ස්ට්‍රෝබෙරි කලවම් කරලා මාසෙකට දෙපාරක් වගේ දත් වෙනුවට භාවිතා කරලා දත් මදින්න.
3 කෝමාරිකා යුෂ සහ පිරිසිදු වතුර 1ත තුන අනුපාතයට මිශ්‍ර කරලා ස්ප්‍රේ බෝතලයකට දාගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක මුහුණට ස්ප්‍රේ කරගැනීමෙන් දවස පුරා මුහුණ නැවුම්ව තියාගන්න පුළුවන්.
2 හිසකෙස් සුවඳවත් කරන්න ක්‍රීම් වර්ග ඔබත් භාවිත කරනවා නම් මේ ක්‍රමය උත්සහ කරලා බලන්න. ඔබ භාවිතා කරන සුවඳ විලවුන් බෝතලයෙන් ස්වල්පයක් ඔබේ පනාවට ස්ප්‍රේ කරලා කොන්ඩේ පීරලා බලන්න. ආය ක්‍රීම් ඕන වෙන එකක් නැහැ.
1 පියයුරු වල හැඩය පවත්වගන්න නිදාගන්න කලින් ඔබ සම සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ගයක් අලේප කරල උඩු අතට පිරිමදින්න. සති දෙකක් පමණ මෙසේ කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිපල ලබාගන්න පුළුවන්.

Comments
Post a Comment